ඇල්පිටිය දිනන අය ජනාධිපතිවරණය දිනනවා! එජාපය සියලු ශක්තිය යොදවා ඇල්පිටිය ජයගත යුතුයි! – කිරිඇල්ල

September 5, 2019 at 8:05 am | by emanisa.lk

මේ අවස්ථාවේ එජාපය කළ යුත්තේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන ලෙස ඉල්ලමින් එකිනෙකාට බැණ වදිමින් කුලල් කා ගැනීම නොව දැනට ප්‍රකාශයට පත්ව ඇති ඇල්පිටිය ප්‍රාදේශීය සභා සටන ජය ගැනීම යැයි සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

“මේ වෙලාවේදී එජාපය කළ යුත්තේ ජනපතිවරණ අපේක්ෂකයා කවුරුන් දැයි කියා හෙළි කරන්නැයි එකිනෙකාට බැණ වදිමින් කුලල් කා
ගැනීම නොවේ. මැතිවරණයක් ප‍්‍රකාශයට පත් වෙලා තිබෙන ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡුනද සටනට සාර්ථකව මුහුණ දීමයි. එය තීරණාත්මක මැතිවරණයක්.

මොකද 1994 දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග‍්‍රහණය කළේ 1993 දී ඔවුන් දකුණු පළාත් සභා ඡන්දය ජයග‍්‍රහණය කිරීම නිසයි. 2015 දී එජාපය ජයග‍්‍රහණය කළේ ඌව පළාත් සභාව 2014 දී ජය ගත් නිසයි.

ජනාධිපතිවරණය කියන්නේ නැවක් නම් ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය කියන්නේ ඒ නැවේ තුඹ ගසයි. තුඹ ගස එනවා කියන්නේ නැව එනවා. රැල්ල තිබෙන්නේ කොතනටද කියා ඉන් පෙනේවි. ඇල්පිටිය දිනනවා කියන්නෙ ජනාධිපතිවරණයත් දිනනවා. ඒ නිසා අපි සියලු ශක්තිය දැන් ඇල්පිටියට යොදවලා මේ සටන ජය ගත යුතුයි. එය ගල උඩ සටනක්. ජනාධිපතිවරණය වැදගත්. ඒත් මේ වෙලාවේ හැටියට ඊටත් වඩා ඇල්පිටිය මැතිවරණය වැදගත්. ඒ බව හුඟ දෙනකුට අමතක වෙලා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස