ආණ්ඩුව ලේසියෙන් භාර දෙන්නේ නෑ! තව වසර 06ක් රට පාලනය කරන්නේ එජාපයයි! – කිරිඇල්ල

July 8, 2019 at 11:21 am | by emanisa.lk

තවත් වසර හයක් රටේ පාලන බලය එක්සත් ජාතික පක්ෂය තබා ගන්නා බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

මහනුවර පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

ආණ්ඩුව ලේසියෙන් බාර නොදෙන බවත් තවත් වසර 6ක් ආණ්ඩුවෙන් ඉදිරිපත් කර ඇති සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යන බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

සිය පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් උතුරු නැඟෙනහිර ඡන්ද ද ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවත් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයන් 6 දෙනෙකු සිටින බවත් ඇමතිවරයා හෙළි කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස