රටේ ඇති එකම ප්‍රශ්නය ජාතික ආරක්ෂාව නෙමෙයි! ගෝඨාභයලා ජාතික ආරක්ෂාව රටේ එකම ප්‍රශ්නය කරගෙන! – හේෂා විතානගේ

August 22, 2019 at 10:35 am | by emanisa.lk

රටේ ඇති එකම ගැටලුව ජාතික ආරක්ෂාව පමණක් නොව ආර්ථිකය නිවැරදි දිශාවට හැසිරවීම ඇතුළු තවත් ප්‍රශ්න රැසක් තිබෙන බවත් අනාගත ජනාධිපතිවරයා ඒ සියලු ප්‍රශ්න හඳුනා ගන්නා පුද්ගලයෙකු වියයුතු බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි.

ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුට සහාය දක්වන පිරිස් ජාතික ආරක්ෂාව පමණක් මාතෘකාව බවට පත් කරගෙන ඇති බවයි ඔහු පවසන්නේ. පාස්කු ප්‍රහාරය ඈඳා ගනිමින් පොහොට්ටුවේ පිරිස් ජාතික ආරක්ෂාව රටේ තිබෙන එකම ප්‍රශ්නය බව ජනතාවගේ ඔලුවලට කාන්දු කිරීමට උත්සාහ කරන බව ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එජාපයේ ඕනෑම නායකයෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට අදහස් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව තිබෙන බවත් අවශ්‍ය අවස්ථාවේදී පක්ෂය එකතු වී සුදුසුම අපේක්ෂකයා ජනතාව ඉදිරියට ගෙන ඒමට කටයුතු කරනු ඇති බවත් හේෂා විතානගේ පවසයි.

මහින්ද රාජපක්ෂලා ගෙදර තේ මේසයේදී ජනාධිපති අපේක්ෂකයා තීන්දු කළද එජාප‍යේ එවැනි පවුලේ තීන්දු ගැනීමේ ක්‍රමවේයක් නොමැති බවත් ඔහු පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස