ඉදිරියේ දී මැතිවරණ තියනවා! ඉල්ලා අස්වෙන්න එපා! – අගමැති මැකෝට කියයි…..

July 9, 2019 at 11:14 pm | by emanisa.lk

ඉදිරියේදී මැතිවරණ කීපයක් පැවැත්වීමට නියමිතව ඇති හෙයින් ඉල්ලා අස් වීමට නොසිතන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් අද (09) ඉල්ලීමක් කර තිබේ.

පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍යවරයා සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අතර හමුවකදී මෙම ඉල්ලීම කර ඇත.

මැතිවරණ නොපවත්වන්නේනම් තමන් ඉල්ලා අස් වන බව මහින්ද දේශප්‍රිය මහතා මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සේවය ඉදිරි මැතිවරණ සඳහා අත්‍යවශ්‍යය යැයි ද ඒ නිසා ඉල්ලා අස්වීමට සුදානම් නොවන්නැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත. ඉදිරි මැතිවරණ සඳහා සුදානම් වන්නැයි ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස