තිරිකුණාමල ඉල්මනයිට් නිධිය රැකගත යුත්තේ ඇයි?

March 20, 2019 at 5:15 pm | by admin

ලොව හොදම අනර්ඝ ඛණිජ වැලි නිධිය විකුණා දමන්නේ ඉල්මනයිට් මෙට්‍රික් ටොන් එකක විටිනාකම ඩොලර් 145 කටය. එනම් ලංකා මුදලින් රුපියල් 26,100 කටය.

ඉතාමත් පහළ ඝණයේ ඉල්මනයිට් පවා මෙට්‍රික් ටොක් එකක් අවමය US $400-425 අතර මිලකට යටත්ව 100 Metric Tons (Min. Order) අලෙවි වේ. සමාන්‍ය ඉහළ තත්වයේ ඉල්මනයිට් (Top quality of TiO2 Ilmenite Sand for sale with low price Rutile sand suppliers rutile concentrate China US $500-1000 / Ton (20 Tons Min. Order) අවම කට යටත්ව අන්තර්ජාතිකව අලවියට ලක්වේ.

එසේ නම් ලංකාවේ ප්‍රමිතියෙන් උසස් මෙම ඛණිජ සම්පත US 145 කට තක්සේරු කලේ කවුරුන්ද?

පුල්මුඩේ අපේ වැල්ලෙන් බල ගැන් වූ ලෝක වෙළඳපොළ
1.ආලේපන හා තීන්ත කර්මාන්තය
2.කඩදාසි කර්මාන්තය
3.වානේ කර්මාන්තය
4.රබර් කර්මාන්තය
5.ප්ලාස්ටික් කර්මාන්තය
6.වෛද්ය කර්මාන්තය
7.රෙදිපිළි කර්මාන්තය
8.ගුවන් යානා කර්මාන්තය

රට හැර ගිය විශාල දැනුමක් ඇති විද්‍යාඥයන්ගේ මැදිහත්වීම මත මෙම ඛණිජ සම්පතෙහි ප්‍රතිලාභ අනාගත පුරවැසියන් වෙත තිළිණ කරවීමට වෙහෙස වෙමි. හදාරමි.

හෙට දිනට මෙය රැක ගැනීමට පුලුල් සංවාදයක් ගොඩ නගමු.

මීට පෙර ජාතික සම්පත් විකුණීම සිදු කරනු ලැබුවේ ඒවා ඉදිරි කිරීමට විශාල ණය ගත් බව පවසමිනි. ඉතාමත් පැහැදිලිව ණය ප්‍රශ්නයක් වී ඇත්තේ නොහැකියාව පදනම් කරගෙනය.

ප්‍රියන්ත පතිරණ
හිටපු පළාත් සභා මන්ත්‍රී
ත්‍රිකුණාමලය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *