19 හකුළන්න අපි ඉඩතියන්නේ නෑ! 19 තවත් නිර්දේශපාලනය කළ යුතුයි! – සජිත්

August 8, 2020 at 10:43 pm | by emanisa.lk

19 වෙනි සංශෝධනය හකුළා දැමීමට තමන් ඉඩ නොතබන සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොර කර රටට සුදුසු ආකාරයට 19 වෙනි ව්‍යවස්ථාව සංශෝධනයට තමන්ගේ සහාය හිමි වන බව ද ඔහු සඳහන් කළේය.

ඊළඟ ආණ්ඩුව පිහිටුවන්නේ සමගි ජන බලවේගය බවට තමන් දැඩි ලෙස විශ්වාස කරන බව ද ඔහු අවධාරණය කළේය.

මහා මැතිවරණයට පසු අද (08) ප්‍රථම වරට මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස