19 හැදුවේ රට කන NGOකාරයෝ! මමත් දන්නේ පස්සේ! – ජනපති (video)

June 26, 2019 at 9:50 pm | by emanisa.lk

19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය රටට ශාපයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

මෙම ව්‍යවස්ථා සංශෝධනය සකස් කළේ ජයම්පති වික්‍රමරත්න, එම්.ඒ. සුමන්දිරන්, පාක්‍යසෝති සරවනමුත්තු ආදී රට කන NGOකාරයින් බවත් එය තමන් දැනගත්තේ පසුව බවත් පැවසූ ජනාධිපතිවරයා අවධාරණය කළේ එය දැනගෙන සිටියේ නම් තමන් ඊට සහාය නොදෙන බවයි.

රියදුරන් දෙදෙනෙකුට වාහනයක් ගෙන යා නොහැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළ බව පැවසූ ජනාධිපතිරයා පෙන්වා දුන්නේ හැට දෙලක්ෂයක් ජනතාව එක් අයකුට රියදුරු ලයිසන් එකක් ලබා දුන් බවත් පාර්ලිමේන්තුව තවත් අයකුට රියදුරු ලයිසන් එකක් ලබා දුන් බවත්ය.

එළඹෙන ජනාධිපතිවරණයට පෙර හෝ පසු ජනාධිපති ධුරයට පත්වන්නේ කවුරුන් වුවද කළ යුතු පළමු කාර්ය රටට ශාපයක් වී ඇති 19 අහෝසි කිරීම බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

අගමැති විපක්ෂ නායක සහ ජවිපෙ එකඟ වන්නේ නම් දැන් වුවද 19 අහෝසි කළ හැකි බව පැවසූ ජනාධිපතිවරයා එය අහෝසි නොකර කවරු ජනාධිපති වුවද රට අස්ථාවර යැයි ප්‍රකාශ කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස