19 ගෙනා ජනපති දැන් බොරු කියනවා! ඔහුට බොරු කියමින් ඇවිදින්න පුළුවන් තව මාස 4යි! – සුමන්දිරන්

July 2, 2019 at 6:40 am | by emanisa.lk

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනතාව රවටවමින් බොරු ප්‍රකාශ කිරීම තව මාස පහකින් හමාර වන බව දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් ඊයේ (30) යාපනයේදී පැවසීය.

ජනාධිපතිවරයා මේ දිනවල දහ අටවෙනි හා දහනව වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දුර්වල බවට තැනින් තැන ප්‍රකාශ කළත් එහි වගකීම ඇත්තේ ඔහු සතුව බව ඔහු තේරුම් නොගන්නා බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

”දහ නව වන සංශෝධනය ගෙන ඒමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කටයුතු කළා. ඒ සදහා ඔහු කමිටුවක් පත් කළා.නමුත් දැන් ඔහු කියා සිටින්නේ දෙමළ ජාතික සන්ධානයත් තවත් එන්ජීඕ කාරයින් පිරිසකුත් එකතු වී ඒ සංශෝධනය කෙටුම්පත් කළ බවයි. ශ්‍රී ලංකාව සංවර්ධනය කොට පෙරට ගෙන යාම සඳහා එම දහනව වන සංශෝදනය විශාල බාධාවක් බව ජනාධිපතිවරයා පවසන නමුත් එහි කිසිම සත්‍යතාවයක් ඇත්තේ නැහැ. ජනාධිපතිවරයා දැන් කරන්නේ එක එක තැන්වල බොරු කියමින් ජනතාව රැවටවීමයි.නමුත් ඔහුගේ මේ සියළුම රැවටීම් තවත් මාස පහකින් අවසන් වන බව දැන් සියලුම දෙනා දන්නවා. ජනාධිපතිවරයා දෙමළ ජාතික සන්ධානය විසින් යෝජනා කරණ ලද කිසිවක් කළේ නැහැ.අඩුම තරමින් ඔහු බලයට පත්වීම සදහා වූ පොරොන්දුවක් වත් ඔහුගෙන් ඉටු වූයේ නැහැ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස