19න් රටම අවුල් ජාලයක් වෙලා! මේ ව්‍යවස්ථාවෙන් රටට සුගතියක් නෑ! ඡන්දෙන් පස්සේ අලුත් ව්‍යවස්ථාවක් ගේනවා! – අගමැති

March 6, 2020 at 4:22 pm | by emanisa.lk

මහ මැතිවරණයෙන් පසුව රටට සුදුසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව අගමැති මහින්ද රාජපක්ෂ අද(06) ප්‍රකාශ කළේය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රට අවුල් ජාලයක් බවට පත් වූ බවත්, එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයද 19වන සංශෝධනයෙන්ම ප්‍රතිඵලයක් බවත් අගමැතිවරයා පැවසීය.

අගමැති මහින්ද රාජපක්ෂ මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේදී අද (06) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ පසුව හැකි ඉක්මණින් පළාත් සභා මැතිවරණයට යාමට බලාපොරොත්තු වන බවද අගමැතිවරයා කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස