බග්දාදි මැරුවාට මහින්ද ට්‍රම්ප්ට ස්තූති කළේවත් නෑ! මහින්දට ජාතික ආරක්ෂාව හදන්න බෑ කියලා ඒකෙන්ම පේනවා! – රනිල්

October 31, 2019 at 3:11 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ තමා ඇමරිකානු ආධාර ඉල්ලා සිටියේ යැයි විරුද්ධ පක්ෂය තමාට බැණ වැදුණු බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

දින කිහිපයකට පෙර ඇමරිකානු ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයට වගකිව යුතු IS නායක අල්බග්දාදි මරා දැමූ බවත් තමා ට්‍රම්ප්ට ඊට ප්‍රශංසා කළ බවත් ඔහු සඳහන් කරයි.

එහෙත් මහින්ද රාජපක්ෂ ඒ සඳහා ඇමරිකාවට ප්‍රශංසා නොකළ බවත් ඉතින් ඔහු ජාතික ආරක්ෂාව සලසා දෙන්නේ කෙසේ දැයි තමාට ප්‍රශ්නයක් බවත් අගමැතිවරයා අවධාරණය කරයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ තමන් කනගාටුවන බවත් එහිදී අතපසු වීමක් වූ බව තමා පිළිගන්නා බවත් සඳහන් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළේ ඒ නිසා බවත් අගමැතිවරයා වැඩි දුරටත් පැවසීය.

ඊයේ (30) වත්තල පැවති ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස දිනවන ජනරැලියකට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස