පාස්කු ත්‍රස්තවාදීන් මාසයක් ඇතුළත ඇල්ලීම ගැන මුළු ලෝකයම පුදුම වෙනවා! විදෙස් ආයතන අපට ප්‍රශංසා කරනවා! – අගමැති

May 16, 2019 at 8:31 am | by admin

පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ගැන සිදු කරන පරීක්‍ෂණවල විශාල ප්‍රගතියක් ඇතැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

කෙටි කලකින් මෙතරම් ප‍්‍රගතියක් අත්කර ගැනීම ගැන විදේශ රටවල් පවා මවිතයට පත්ව ඇතැයි ද එජාප සන්නිවේදන බලකා ක්‍රියාකාරීන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකදී හෙතෙම පෙන්වා දුන්නේය.

ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී මාසයක් ගත වන්නටත් පෙර එහි සියලු සැකකරුවන් හඳුනාගැනීමට සමත් වූ බවත් මෙතරම් විශාල ප්‍රහාරයකින් පසුවද මෙතරම් ඉක්මනින් පරීක්‍ෂණ කර ඒවා සාර්ථක වූ අවස්ථා ලෝකයේම ඇත්තේ ඉතා සීමිත ප්‍රමාණයක් බවත් විදෙස් ආයතන පැවසූ බවත් අගමැතිවරයා සඳහන් කලේය.

ප‍්‍රභාකරන්ට එරෙහිව සාක්‍ෂි ලැබුණේ ඔහුගේ පළමු අපරාධයෙන් වසර 20 කට පසුව නමුත් පාස්කු ඉරිදා ත්‍රස්තයන්ට මාසයක් ගතවීමටත් පෙර නීතිය ක්‍රියාත්මක කිරීමට හැකිවී ඇතැයිද ඒ පිළිබඳ විදෙස් ආයතනය ප්‍රශංසා කළ බව ද අගමැතිවරයා පෙන්වා දුන්නේය.

පරීක්ෂණ කටයුතු සාර්ථක ලෙස ඉදිරියට ගෙන යා යුතු නිසා බැනුම් අසමින් ඇතම් කරුණු සඟවා ගෙන සිටි බව ද අගමැතිවරයා හෙළි කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස