අයි.එස්. නායකයා බල්ලෙක් වගේ මැරුණා! – ට්‍රම්ප්… මම සුබ පතනවා! – රනිල්…

October 28, 2019 at 12:44 pm | by emanisa.lk

අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි මියගිය බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විශේෂ ප්‍රකාශයක් කරමින් තහවුරු කළේය.

අයි.එස්. නායකයා අල්ලා ගැනීම සඳහා කරන ලද මෙහෙයුමට රුසියාව, සිරියාව, තුර්කිය සහ ඉරාකය සහාය දුන් බවත් ඔවුන්ට ස්තූති කරන බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා කීවේය.

මෙහෙයුමේදී අයි.එස්. සංවිධානයේ සාමාජිකයන් සහ ඊට සහාය දුන් විශාල පිරිසක් මියගිය බවත් කී ඇමෙරිකානු ජනාධිපතිවරයා බැග්ඩෑඩි බල්ලකු ලෙස මියගිය බව ද කීවේය. අයි.එස්. නායකයා මියගියේ ඔහුගේ මරාගෙන මැරෙන බෝම්බ කබාය පුපුරුවා ගනිමින් යැයි ද ඇමෙරිකානු ජනාධිපතිවරයා තවදුරටත් කීවේය.

අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් සංවිධානයේ නායකයා මරා දැමීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇමෙරිකා එක්සත් ජනපදයට සුබ පැතුම් එක් කර ඇත. ඩොනල්ඞ් ට්‍රම්ප්ට අද (27) ලිපියක් යවමින් අග්‍රාමාත්‍යවරයා එලෙස සුබ පැතුම් එක් කර තිබේ.

මෙරට පල්ලි තුනක් සහ හෝටල් තුනකට එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස තම සංවිධානය සිටින බව ද අයි.එස්. නායකයා එම ප්‍රහාරයෙන් දින අටකට පසු වීඩියෝ සහ හඬ පටයක් නිකුත් කරමින් පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස