13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කළ යුතුයි! – මෝදි මහින්දට කියයි…

February 9, 2020 at 6:24 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව තුළ යුක්තිය, සමානාත්මතාව, සාමය සහ ගෞරවය සඳහා දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීමට රජය ක්‍රියාකරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඒ සඳහා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ සංහිඳියා ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාම අත්‍යාවශ්‍ය බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අවධාරණය කරයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (08) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නිල සංචාරය වෙනුවෙන් පැවැත්වූ විශේෂ පිළිගැනීමේ උත්සවයෙන් සහ ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව මහින්ද රාජපක්ෂ සමඟම පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය හමුව අමතමිනි.

ශ්‍රී ලංකාවේ සංහිඳියා ප්‍රශ්නය පිළිබඳව තමන් මහින්ද රාජපක්ෂ සමඟ ඉතාම විවෘතව සාකච්ඡා කළ බව ද එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව