රනිල් TNA සනසන්න කොහොම හරි ෆෙඩරල් දෙන්න හදනවා! විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න හැදුවේ ඒකයි! – මහචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි

September 22, 2019 at 4:23 pm | by emanisa.lk

විධායක ජනාධිපති ධුරය කෙසේ හෝ අහෝසි කර උතුරට ෆෙඩරල් පාලනයක් ලබා දී රට දෙකඩ කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ දරන උත්සාහය කෙසේ හෝ පරාජය කළ යුතු බව මහචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි.

ඉකුත්දා විශේෂ කැබිනට් හමුවක් කැඳවා අත්තනෝමතික ලෙස විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට අගමැතිවරයා උත්සාහ කළේ දෙමළ සන්ධානය සමග ඇති කරගත් එකඟතාවකට අනුව බව ද එහිමියන් සඳහන් කළහ.

“මුලින්ම ව්‍යවස්ථාව වෙනස් කරලා ෆෙඩරල් දෙන්න හැදුවා. ඒක බැරි වුණු නිසා දැන් විධාක ජනාධිපති ධුරය අහෝසි කරලා දැන් ෆෙඩරල් දෙන්න හදනවා.

ජේ.ආර්. ජයවර්ධන 13 වෙනි සංශෝධනය යටතේ බලය බෙදලා එහි පාලක යතුර විධායක ජනාධිපති ළඟ තියාගත්තා. රනිල් හදන්නේ ඒ යතුරත් උතුරට දෙන්නයි.

මේක ඉතාම බරපතළ තත්ත්වයක්. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට පෙර 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුව පළාත් සභාවලට ලැබී ඇති බලතල ගැන හිතන්න ඕන. ඒ බලතල පාලනය කරන්නේ විධායක ජනාධිපතිගේ නියෝජිතයා වන ආණ්ඩුකරු මගිනුයි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කළොත් ආණ්ඩුකාර ධුරය අහෝසි වී 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කළ පළාත් සභා ස්වාධීන පාලන ඒකක බවට පත්වෙනවා. එහෙම වුණොත් රට කැබලි වීම වළක්වන්න බෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස