හෙට සිට රට විවෘත වන්නේ ජනාධිපතිතුමාට අපි දුන් උපදෙස් අනුවයි! – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (video)

April 19, 2020 at 11:18 pm | by emanisa.lk

කොරෝනා ආසාදනය පාලනය කර ගනිමින් අප්‍රේල් (20) සිට රට නැවත විවෘත කරන ආකාරය පිළිබඳ සිය යෝජනාවලියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලබා දුන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මේ වන විට පළමු කොරෝනා ආසාදිතයා හමු වී මාසයකුත් දින 7කට වඩා ගත වී ඇති බවත් වසංගතය යම් පාලනයකට නතු කර ගැනීමට හැකි වී ඇති බවත් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා පවසයි.

එම මාර්ගෝපදේශ අනුව රජය ඉදිරියට ද කටයුතු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද හෙතෙම සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස