හිටපු ජනපති මෛත්‍රීගේ මාධ්‍ය අධ්‍යක්ෂ තවම රජයේ නිවසක!

February 25, 2020 at 12:50 pm | by emanisa.lk

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ මාධ්‍ය අධ්‍යක්ෂක ලෙස රාජකාරි කටයුතු කොට පසුව යහපාලන රජයේ ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂක ලෙස සේවය කළ චමින්ද සිරිමල්වත්ත තවමත් රජයේ නිවසක පදිංචි වී සිටින බව නාර්තා වෙයි.

ඒ කොළඹ 05, කැප්පෙටිපොල මාවතේ අංක 16 – C දරන නිවසය.  සමුළු නිවාසය සඳහා රජයට ගෙවිය යුතු කුළි මුදල් නොගෙවා එහි බලහත්කාරයෙන් පදිංචිව සිටින බවට තොරතුරු වාර්තා වේ.

නව ජනපතිවරයා තම ධුරයේ දිවුරුම් දුන් දා සිට චමින්ද සිරිමල්වත්තට පසුගිය ආණ්ඩුවෙන් 2015.09.10 දින සිට ලබා දී තිබු තනතුරු හා වරප්‍රසාද අවලංගු වුවත් මේ වනතෙක්ම ඔහුගේ තනතුර වෙනුවෙන් ලබාදී තිබු කුලී නිවාසය තවමත් රජය වෙත භාර දී නැත. එම නිවස සඳහා රජයට අය විය යුතු කුළියද මෙතෙක් ගෙවා නැත.

යහපාලන‍යක් ගෙන එනවා යැයි කියමින් බලයට පත්වු පසුගිය රජය යටතේ සේවය කළ චමින්ද සිරිමල්වත්ත වැනි නිළධාරින්ගේ මෙවැනි සදාචාරයට පටහැනි ක්‍රියාවන් හා බලහත්කාරයෙන් රාජ්‍ය දේපළ වංචනිකව අවභාවිතාවේ යෙදවීම පිළිබඳව නව රජය විසින් සොයා බලා නිසි පියවර ගත යුතුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස