හරීන් මරික්කාර් නැවතත් රනිල් පිලට!

January 30, 2020 at 8:51 pm | by emanisa.lk

පසුගිය සමයේ එජාප සජිත් පාර්ශ්වය නියෝජනය කළ හරීන් ප්‍රනාන්දු සහ එස්.එම්. මරික්කාර් නැවත රනිල් වික්‍රමසිංහ වෙත සමීප වී තිබේ.

එජාප ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාසට ලබා ගැනීමට ද මොවුන් සටන් කළ අතර එසේ නොවන්නේ නම් දැඩි දේශපාලන තීන්දු ගන්නා බව ද පැවසීය.

කෙසේ වුවද අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලය අවස්ථාවේ සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම් වැනි අයට වඩා රනිල් සමීපයෙන්ම සිටියේ හරීන් සහ මරික්කාර්ය.

අද උදෑසන ද හරීන් මාධ්‍ය වෙත පැවසුවේ සරත් ෆොන්සේකා සහ ⁣අජිත් පී.පෙරේරා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරීමට එරෙහිව සජිත් ප්‍රමුඛ 35 දෙනෙකු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී නොවන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස