ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට අපහාස වන ලෙස මුද්‍රණය කළ අත් පත්‍රිකා තොගයක් බෙදා හැරීමේ නිරතව සිටි අයකු අල්ලා ගැනීමෙන් පසු අදාළ නියෝගය දුන් ඇමැති හර්ෂ ද සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු අත්අඩංගුවට ගෙන ඇත.
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රචාරණ දැන්වීම් අතර තිබුණු එම පත්‍රිකා තොගය හමු වූයේ නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ නිවෙස් වෙත බෙදාහරිමින් තිබියදීය.
ආචාර්ය හර්ෂ ද සිල්වා මාධ්‍ය හමුවක් කැඳවමින් මේ පිළිබඳ තමා ගෝඨාභය රාජපක්ෂ දැනුම්වත් කළ බව සඳහන් කළ ද එහි කිසිදු සත්‍යතාවක් නොමැති බව ද අනාවරණය විය.