ගොවියාගේ දුක නොදැනෙන ආණ්ඩුවකින් පලක් නෑ! ජාතික ඇඳුම අඳින්නේ නැති මට ගොවි දුක දැනෙනවා! – ඇමති හර්ෂ මුල් ගලක් තබමින් කියයි….(video)

March 31, 2019 at 7:01 am | by admin

මේ රටේ 35%ක් පමණ වන ගොවි ජනතාවගේ දුක තේරුම් ගැනීමට නොහැකි නම් ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දිය නොහැකි නම් එවැනි ආණ්ඩුවකින් ඵලක් නොමැති බව අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. තමා ජාතික ඇඳුම නොඅඳින බව ද ගොවියාගේ දුක හඳුනා ගැනීමට ජාතික ඇඳුම ඇඳිය යුතු නැති බවත් හෙතෙම පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ,ප්‍රභාෂ්වර කෘෂි දිවියේ නව්‍ය හැරවුම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ පළමු උෂ්ණත්වය සහ තෙතමනය පාලිත කෘෂි ශීතාගාර සංකීර්ණයට මුල්ගල් තැබීමේ අවස්ථාවට අද දඹුල්ලේදි එක්වෙමිනි.

මෙම ගබඩාව මෙට්‍රික් ටොන් 5000ක පමණ අතිරික්ත පළතුරු හා එළවළු අස්වැන්න වැඩි කාලයක් සුරක්ෂිතව ගබඩා කර ගැනීමට හැකි අයුරින් ඉදිකිරීමට නියමිත ය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස