හරක් ඌරෝ කුකුල්ලු මරං කන්න පුළුවන් ලංකාවක් වෙනුවෙන් මං පෙනී ඉන්නවා! – ජවිපෙ මහැදුරු අමරකීර්ති

September 14, 2020 at 10:42 pm | by emanisa.lk

හරක් මස්, ඌරු මස් සහ කුකුළු මස් කැමති කෙනෙකුට කෑ හැකි සමාජයක් වෙනුවෙන් තමා පෙනී සිටින බව මහාචාර්ය ලියනගේ අමරකීර්ති පවසයි.

ඔහු ෆේස්බුක් සටහනක් තබමින් මේ බව පවසා තිබේ. ලියනගේ අමරකීර්ති ජනතා විමුක්ති පෙරමුණ සමග දේශපාලනය කරන අයෙකු ලෙස ප්‍රකටය.

අදාළ සටහන මෙසේය.

“ඊයේ ජාඇල මස් කඩයකදී ඇසූණ දෙබසක්.
“මුදලාලි, මේ අපි හරක් මස් ගන්න අන්තිම මාසෙලු නේද?”
” පිස්සුද මහත්තයා. බොරුවට බයවෙන්ඩ එපා. මේ අපිවත් බව වෙලා නෑ ඔයාල මොකටද බයවෙන්නෙ.”

දශක ගණනාවක් පැවති ඒ මස් කඩය පිළිබඳ රසවත් මතක මගේ මිතුරා මට විස්තර කළා. මනුෂ්‍ය ආහාර සංස්කෘති සියල්ල ම දෙස මධ්‍යස්ථව බලන මා මේ ජා ඇල වැලිගම්පිටියේ, මස් කඩයට ගිය පළමු අවස්ථාව එය නොවෙයි.

දශක කීපයක් සිංහල ජාතික මුදලාලිලා කරන ඒ මස් කඩේ අපි යනකොටත් සෙනගින් පිරී තිබුණා.
මස් මාංශ පිළිබඳ මරාගෙන මැරෙන ආශාවක් නැති මම, ඒ මස්කඩය නොවැසී පවතිනු දකින්නට ආසා කරනවා.

ඊයේ අපි ඒ මස් කඩෙන් චිකන්, පෝර්ක්, සහ බීෆ් තුනම ගත්තා.
හාමුදුරු ගොල්ල මොනව කිව්වත් ඒ මස් වර්ග තුනම කැමති කෙනෙකුට ගන්න පුළුවන් ලංකාවක් වෙනුවෙන් මම පෙනී සිටිනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස