ලංකාවේ ගව ඝාතනය තහනම් කෙරේ! අගමැතිගේ යෝජනාව ඒකමතිකව සම්මතයි!

September 8, 2020 at 1:47 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ගව ඝාතනය තහනම් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කළ යෝජනාවක් ඒකමතිකව සම්මත වී ඇත.

අද (08) ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම සඳහා මෙම යෝජනාව අගමැතිවරයා ඉදිරිපත් කොට තිබේ.

ඒ අනුව ලංකාවේ ගවයන් නොමරා ගව මස් පිටරටින් ආනයනය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අගමැතිවරයා දැනුම් දී ඇති බව වාර්තා වේ.

ගවයා හින්දු ජනතාව පූජනීය සත්වයකු ලෙස සලකන අතර ගව ඝාතනයට එරෙහි මෙරට විරෝධය අනගාරික ධර්මපාලතුමාගේ කාලයට ඇදී යයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *