ගව ඝාතන තහනම් තීන්දුව මසකින් කල්යයි!

September 10, 2020 at 1:24 pm | by emanisa.lk

ගවයින් ඝාතනය කිරිම නතර කිරිමේ නීතිය ගෙන ඒම මසකින් කල් දැමීමට තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කරයි..

අගමැති මහින්ද රාජපක්ෂ විසින් පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ගේ රැස්වීමට එම යෝජනාව ඉදිරිපත් කළ බවත් එයට මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත හිමිවූ බව ඇමතිවරයා කියා සිටියේය.

ගව ඝාතනය තහනම් කිරිම සම්බන්ධයෙන්  තව දුරටත් සාකච්ජා කිරිමට අවශ්‍ය නිසා ගව ඝාතන තහනම් කිරිම මසකින් කල් දමා ඇති බව මෙහිදී ඇමතිවරයා කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස