චීවරධාරීන් පාර්ලිමේන්තුවට පැමිණිම භයානකයි! අපේ ජනබලේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්න! – රාමඤ්ඤ නිකාය

August 22, 2020 at 2:16 pm | by emanisa.lk

අපේ ජන බල පක්ෂයට මහා මැතිවරණයෙන් ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි මැතිවරණ කොමිසම වෙත ඉල්ලීමක් ලැබී තිබේ. මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ භික්ෂූන් වහන්සේලා පිරිසක් විසිනි.

භික්ෂූන් වහන්සේලා කිහිප නමක් විසින් අදාළ මන්ත්‍රී ධුරයට අයිතිවාසිකම් කීමට ඉදිරිපත් වීම හේතුවෙන් ඔවුන් අතර දැඩි වාදභේද තත්ත්වයක් ඇතිව තිබෙන අතර එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම ඉල්ලීම සිදුකළ බව ඕමල්පේ සෝභිත නාහිමි පවසයි.

මතුව ඇති තත්ත්වය හමුවේ විවිධ අරමුණු ක්‍රියාත්මක කිරීමේ අරමුණින් සිවුරු පෙරවා ගත් පුද්ගලයන් මෙම මන්ත්‍රී ධුරය හරහා පාර්ලිමේන්තුවට පැමිණිය හැකි බවත්, එය බුදුදහමට මෙන්ම භික්ෂු ශාසනයටද බරපතළ ගැටලුවක් විය හැකි බවත් ඕමල්පේ සෝභිත හිමියෝ පෙන්වා දෙති.

ඒ නිසා දැන් තිබෙන හොඳම විසඳුම මෙම මන්ත්‍රී ධුරය අපේ ජන බල පක්ෂයේ කිසිදු පාර්ශ්වයකට ලබා නොදී අහෝසි කිරීම බව ද උන්වහන්සේ අවධාරණය කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස