ආණ්ඩුව MCC අත්සන් කරන්න හදනවා! අපි ඡන්දේ ඉල්ලන්නේ ඒක නවත්තන්න! – ආනන්ද සාගර හිමි

July 26, 2020 at 5:15 pm | by emanisa.lk

රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස හෝ මහින්ද රාජපක්ෂ කඳවුරු මේ රටට ආදරය නොකරන බව අපේ ජනබල පක්ෂයේ පාහියන්ගල ආනන්ද සාගර හිමි පවසයි.

එදා MCC ගිවිසුමට එරෙහි වූ මහින්ද රාජපක්ෂලා එම ගිවිසුම අත්සන් නොකළ යුතු බව කී මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් වාර්තාව පැත්තකට දමා රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ එස්.එම්. චන්ද්‍රසේන MCC ගිවිසුම හොඳ දැයි බැලීමට පත්කර ඇතැයි එහිමියන් පෙන්වා දෙයි.

භික්ෂූන් වහන්සේලා මැතිවරණය සඳහා ඉදිරිපත් වූයේ මේ ආකාරයට රටට එරෙහි ගිවිසුම් ගැසීම සඳහා වර්තමාන ආණ්ඩුව ද කටයුතු කරමින් සිටින නිසා බව ද එහිමියන් අවධාරණය කරයි.

කෙසේ වුවද මහාචාර්ය ගුණරුවන් වාර්තාව නිකුත් වූයේ මහ මැතිවරණයට නාම යෝජනා භාර දී මාස ගණනකට පසුවය. මෙතෙක් ආනන්ද සාගර හිමි පවසන ආකාරයේ කමිටුවක් පත්කළ බවට ද කිසිදු වාර්තාවක් නොමැත.

https://www.facebook.com/anandasagarathero.gampaha/videos/307540170366583/?v=307540170366583

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස