සහරාන්ගේ මල්ලි බලන්න ගිය හකීම් බුදු පිළිම කැඩූ අන්තවාදීන් හෙළිකර වෙඩි කෑ කබීර්ගේ ලේකම් බලන්න නොගියේ ඇයි? – විමල්

November 9, 2019 at 12:04 pm | by emanisa.lk

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් වැනි අන්තවාදීන් ඇමති රවූෆ් හකීම්ලාගේ හුරතලුන් ලෙස ඇති දැඩි වූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

මුස්ලිම් සමාජය අන්තවාදය කරා ඇදගෙන ගිය සහරාන් හෂීම්ගේ සොහොයුරා රෝහල්ගතව සිටියදී එහි ගොස් සැපදුක විමසා බැලූ හකීම්ලා මාවනැල්ලේ බුදු පිළිම විනාශ කළ මුස්ලිම් අන්තවාදීන්ට එරෙහි වීම නිසාම වෙඩි කෑ ඇමති කබීර් හෂීම්ගේ ලේකම්වරයා බැලීමට රෝහලට නොගියේ මන්දැයි ප්‍රශ්න කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරවීමේ ජනරැලියකට එක්වෙමින් (8) හෙතෙම මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස