සතොසට ලක්ෂ 560ක පොලු තැබූ බදියුදීන්ගේ ගජයෝ දෙන්නෙක් අල්ලයි! ලක්ෂ 330ක පොලු තබා රටින් පැන්න අයෙක් අල්ලන්න ලුහුබඳි!

September 22, 2020 at 10:16 am | by emanisa.lk

සහල් සපයන බවට පොරොන්දුවී සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවෙන් රුපියල් මිලියන 56ක් වටිනා වී තොග ලබා ගනිමින් එම පොරොන්දු කඩකර මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පොළොන්නරුව ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙළේ කෝටිපති සහල් ව්‍යාපාරිකයන් දෙදෙනකු ඊයේ (21 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මගින් අත්අඩංගුවට ගෙන ඇත.

2017 වර්ෂයේදී අදාළ මුස්ලිම් ව්‍යාපාරිකයන් දෙදෙනා විසින් මෙම වී තොග ලබාගෙන ඇති අතර එවකට වෙළෙඳ ඇමැති ලෙස කටයුතු කළ රිෂාඞ් බදියුදීන් මෙම සිද්ධියට මැදිහත්ව කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

මෙහිදී එක් ව්‍යාපාරිකයකු මිලියන 33 ක වී ලබාගෙන ඇති අතර අනෙක් ව්‍යාපාරිකයා මිලියන 23 ක වී ලබානෙ ඒවා සහල් බවට පත්කර දෙන බව පවසා අදාළ වංචාව සිදුකර ඇත.

මෙම මුදල් වංචාව පිළිබඳව කාලයක පටන් විමර්ශන කටයුතු සිදුකළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ අනුව ඊයේ (21) පොළොන්නරුවේ දී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණි.

මෙම සිද්ධියට අදාළව රුපියල් මිලියන 30ක් වංචා කර මේ වන විට රටින් පළාගොස් ඇති තවත් ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබා ගනිමින් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නුවන් වෙඩිසිංහගේ උපදෙස් මත ඉදිරි විමර්ශන සිදුකෙරේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස