සතොසෙ මුදල් හොයන්න බදියුදීන්ගේ බිරිඳගේ සහ සොහොයුරාගේ බැංකු ගිණුම් පිරික්සන්න නියෝග!

February 29, 2020 at 9:25 am | by emanisa.lk

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිදගේ සහ ඔහුගේ සොහොයුරාගේ බැංකු ගිණුම් පරීක්ෂා කර වාර්තාවක් කැඳවීමට ගල්කිස්ස මහේස්ත‍්‍රාත් උදේශ් රණතුංග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (28) නියෝග කළේය.

ලංකා සතොස ආතනයේ සිදුවී ඇතැයි කියන මුදල් වංචාවකට අදාළව සොයාගත් ලිපි ලේඛන සම්බන්ධයෙන් වූ නඩුව ඊයේ (28) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලිමක් සැලකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව මෙලෙස බැංකු ගිණුම් පරීක්ෂා කිරීම සදහා අවසර නිකුත් කෙරුණේ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන්ගේ බිරිඳ වන කේ. එම්. අයීෂා සහ හිටපු අමාත්‍යවරයාගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් යන අයගේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස