සජිත් පැරදුණත් කොපි කිරීම අතනාරී! ආරාධනා කර ජනතාව ගෙන්වා නාටකයක! (video)

November 21, 2019 at 3:38 pm | by emanisa.lk

සජිත් ප්‍රේමදාස අද (21) සිරිකොත පැවැත්වීමට සූදානම් කර තිබූ පාක්ෂික හමුව පසුව ඔහුගේ වොල්ෂෝල් වීදියේ කාර්යාලයේ පැවැත්විණි.

ඒ් එජාප රනිල් කණ්ඩායම අවසාන මොහොතේ සිරිකොත මූලස්ථානය එම හමුව සඳහා ලබා නොදීම නිසාය.

සජිත් පාර්ශවය එම කාර්යාලයට ආරාධනා කර ගෙන්වා ගත් එජාප පාක්ෂිකයන්ට සජිත් ‌ප්‍රේමදාස ආයුබෝවන් කියා සමුදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජජාලවල හුවමාරු ‌‌වෙයි.

එය සම්පූර්ණයෙන්ම 2015 මහින්ද රාජපක්ෂ පරාජය වී දේශපාලනයෙන් සමුගෙන හම්බන්තොට සිය නිවසට ගිය අවස්ථාවේ ස්වේච්ඡාවෙන් ඔහු මුණ ගැසීමට ගිය ජන රැල්ල කොපි කිරීමට ගත් අසාර්ථක උත්සාහයක් බව දේශපාලන විචාරකයන්‌ගේ අදහසය.

මේ අවස්ථාවට එජාප මන්ත්‍රී පිරිසක් ද ජලනි ප්‍රේමදාස ආර්යාව ද සම්බන්ධ විය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස