සජිත්ටත් ජනාධිපතිවරණයට අලියා නෑ! රවී මෛත්‍රීට දුන් හංසයා සජිත්ටත් දෙයි!

September 26, 2019 at 11:04 pm | by emanisa.lk

එක්සත් ජාතික පෙරමුණු ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ජනාධිපතිවරණයට තරඟ කිරීමට ඇමති රවී කරුණානායකගේ හංසයා ලකුණ දරන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලබා දීමට ඔහු කැමැත්ත පළ කර තිබේ.

එජාප ජනාධිපති අපේක්ෂකත්වය ලැබීමෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී ඇමති සජිත් ප්‍රේමදාස මෙම පුවත සනාථ කළේය. 2015 මෛත්‍රීපාල සිරිසේන තරඟ කළේ ද හංංසයා ලකුණ දරන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේය.

මෙවර එජාප සාමාජිකයකුට 2005ට පසු ජනාධිපති අපේක්ෂකත්වය ලැබුණ ද ඔහු තරඟ කරන්නේ එක්සත් ජාතික පක්ෂය හෝ අලියා ලකුණ යටතේ නොවන බව තහවුරු වෙයි.

සජිත් ප්‍රේමදාස අලියා ලකුණ යටතේ තරඟ කිරීම රනිල් වික්‍රමසිංහගේ එජාප නායකත්වයට තර්ජනයක් වෙතැයි බියට පත්වීම මෙයට හේතුව බව ඇතැම්හු පවසති.

කෙසේ වුවද 2025 එජාප නායකත්වය සජිත් ප්‍රේමදාසට ලබා දීමට රනිල් වික්‍රමසිංහ එකඟ වූ බවට ද ඇතැම් මාධ්‍ය මෙයට පෙර වාර්තා කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස