හංසයා ආවේ මහින්දලා විනාශ කරන්න මිස රට දියුණු කරන්න නෙමේ! පුද්ගලයෙක් නෙමේ ප්‍රතිපත්තියක් දිනවන්න අපි සූදානම්!

February 15, 2019 at 1:13 am | by admin

පසුගිය ජනාධිපතිවරණයේදී හංස පෙරමුණ නිර්මාණය වූයේ මහින්ද කඳවුර විනාශ කිරීමට මිසක් රට දියුණු කිරීමේ අරමුණකින් නොවේ යැයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුනේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පවසයි.

එළැඹෙන ජනාධිපතිවරණයේදි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ දිනවන්නේ පුද්ගලයෙක් නොව ප්‍රතිපත්තියක් යැයි ද හෙතෙම පවසයි.

අද (14) නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ දී ඉන්දියානු මාධ්‍යවේදීන් පිරිසක් සමග පැවැති හමුවකදී ඒ මහතා මෙම අදහස් දැක්වීය.

පුද්ගලයන් දිනවීම සහ පරාජය කරවීම මගින් ලාංකික ජනතාව තරම් කිසිවකු පාඩම් උගෙන නැහැ. ප්‍රතිපත්තිමය පදනමක් සහිත දේශපාලන පක්ෂයක් ගොඩනඟන්න අපි වසර දෙකක් පමණ ගත කළා. නමුත් ජනාධිපති අපේක්ෂකයෙක් හොයා ගන්න ඒ තරම් කාලයක් ගත වන්නේ නෑ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *