විජේදාස පිටිපස්සේ ඉන්දියාව…! ඉන්දියාව පිටිපස්සේ ඇමරිකාව…!

April 18, 2021 at 12:26 pm | by emanisa.lk

ජාතික නිදහස් පෙරමුණේ හිටපු ලේකම් ප්‍රියංජිත් විතාරණ විසින් තැබූ ෆේස්බුක් සටහනකි.

විජේදාස ඇඳෙන් බැස්සේ වැරදි පැත්තෙන්ද?

අප්‍රේල් 15 වෙනිදා විජේදාස රාජපක්ෂ මහත්තය ගහපු දේශපාලන බෝම්බයේ උණුසුම තවමත් අඩු වෙලා නෑ.විෂ කාරක පොල්තෙල්වලින් පටන් ගත්තු විජේදාස රාජපක්ෂ මහත්තයා නතර උනේ වාරාය නගරයෙන්.හරියට බනිසුයි,බෝල්ට් ඇණයි වගේ.එතුමා කැහිපොට ගහනකොටම මට නං හිතුනා මොකක් හරි අඩව්වක් අල්ලන්න තමයි එන්නේ කියලා.මම ඒක ගැන මගේ දේශපාලන මිත්‍රයෙකුටත් කිවිවා.

ඇත්තටම විජේදාස රාජපක්ෂ මහත්තයා කරන ප්‍රකාශ සම්බන්ධව මට නං එච්චර විශ්වාසයක් නෑ.මොකද ඔය විජේදාසලම තමයි 20 වන සංශෝධනයට විරුද්ධව ඉස්සෙල්ලාම කසය වනාගෙන ආවේ.ඒත් අන්තිමට නැට්ට අකුලගෙන සද්දේ වහලා ගිහින් විස්සට අත උස්සලා ආවා.හැබැයි එතනයි මෙතනයි ලොකු වෙනසක් තිරනවා.මෙතනදී විජේදාස ගැහුවේ රාජපක්ෂලාගේ මරු නිලයකට තමයි.මට තියෙන ප්‍රශ්නය ගහපු විදිහයි,ගහපු වෙලාවයි හරිද කියන එක.ගැහුවේ සද්භාවයෙන්ද කියන ප්‍රශ්න තුන විතරයි.මෙතැන්දී විජේදාස ගැහුවේ රාජපක්ෂලාගේ ආර්ථික සෑළැස්මට.එයාලාගේ රටේ ආර්ථික ප්‍රශ්නයට තියෙන ලොකුම උත්තරයට.වරාය නගරය චීනයට සින්නක්කර දුන්න ආණ්ඩුවෙත් විජේදාස හිටියා.බදු පදනම් ගෙනාපු යහපාලන ආණ්ඩුවෙත් විජේදාස හිටියා.ඇත්තටම පෝට් සිටි ව්‍යාපෘතිය ගැන විවේචනයක් මටත් තියනවා.

ඒත් දැන් ව්‍යාපෘතිය අත්තරින්න බෑ.යම් පමණකට සීමා ලිහිල් කරපු ඒත් ශ්‍රී ලංකා රාජ්‍යයේ අයිතිය අනිවාරයෙන් තහවුරු කරපු මොඩලයකට යන්න ඕනි.චීනය හොංකොංවලදී ගියා වගේ.අපේ අයිතිය නං අනිවාර්යෙන්ම රැක ගන්න ඕනි.ඒ ගැන විසංවාදයක් කාටවත් නෑ.ඒත් මේ වරාය නගරයේ මුඛය පරමාර්ථ වුනේ ලංකාවට විදේශ ආයෝජන ගෙන ඒම.මට සිතෙන්නේ විජේදාස මහත්තයා අභයාරාමයේ ඉදන් ඔය ඉළක්කය ඔළුවේ තියාගෙන ගැහුවා නම් එතුමා මීට වැඩිය සාර්ථකයි කියලා.ඇත්තටම මට හිතෙන්නේ විජේදාස කළේ පෝට් සිටි එකට මුවා වෙලා තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය ගෙනත් අතෑරපු එකද?විජේදාස මහත්තයා තව ටික දවසක් පීක් එකේ හිටී. ඒත් ඒක අල්ලගෙන යන්න පුළුවන් වෙයිද කියලා මට ලොකු සැකයක් තියනවා.විජේදාස කියපු කතාව පිළිගන්න බලවේග තුනක් ගැන මම මීට කළින් ලිපියේ කිව්වා.දැනට නං එයාලට ඒක ආශ්වාදනීය සටනක්.

ඒත් විජේදාසගේ මේ කඩාපැනීම ඇතුළේ විජේදාසට නොතේරෙන දේශපාලන අවාසිදායක් මට නං පේනවා.විජේදාසගේ කතාව අමු දේශපාලන අර්ථයෙන් බැලුවොත් ඒක ෆේල් කතාවක්.අපේ රටේ ඉන්න ඕනි පොඩි ළමයෙක් දන්නවා පෝට් සිටි ව්‍යාපෘතිය පිටිපස්සේ ඉන්නේ චීනය.දේශපාලනය තේරෙන ඕනි කෙනෙක් දන්නවා ඊට විරුද්ධ පැත්තේ ඉන්නේ ඉන්දියාව.ඉන්දියාව පිටි පස්සේ ඉන්නේ ඇමරිකාව.එතකොට පෝට් සිටි විරෝධී හැම හඩක්ම පිටිපස්සේ තියෙන්නේ කාගේ හඩද කියලා පැහැදිලියි.ඒක නිසා විජේදාසගේ හඩ නියම ජාතිකවාදී හඩ කියලා පිළිගන්න මම සූදානම් නෑ.ඊළඟට විජේදාසම තමන්ට ගහන්න ඕනි අවි ආයුධ ටික එහා පැත්තට දීලා ඉවරයි.ඒ නිසා විජේදාස මහත්තයාට රෝ ලේබලය ඇලවෙන එක නතර කරන්න කාටවත් බෑ.

ඊළඟට විජේදාස තව වැරැද්දක් කළා.ඒ තමයි රාජපක්ෂවරුන්ට විජේදාස නැවත සුජාතභාවයක් අරන් දුන්න.රාජපක්ෂලා ඇමරිකන් ලයින් එකේ ඉන්නවා කියපු තර්කය විජේදාස මෙතනදී බිදවැට්ටුවා.අනික තමයි අපේ රටේ මිනිස්සුගේ හිත්වල තියෙන අධිරාජ්‍ය විරෝධය මොකද්ද කියලා ඇත්තටම විජේදාස මහත්තයට තේරෙනවා මදි.අපේ මිනිස්සුන්ගේ අධිරාජ්‍ය විරෝධය කියලා ඇඟ ඇතුළේ තියෙන්නේ ඇමරිකන් විරෝධය. ඉන්දියන් විරෝධය.චීනය,රුසියාව සම්බන්ධව අපේ රටේ ජන මනසේ උප විඥානයේ එහෙම විරෝධයක් නෑ.අනික ඇමරිකාව,ඉන්දියාව වගේ මේ කිසිම දෙයක් චීනය අපට බලහත්කාරයෙන් පටවලා නෑ.මේ තමයි අපේ රටේ පාලකයන්ගේ කැමැත්ත.ඒක හරිද වැරදිද කියන එක,ඒකට අපි එකඟද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක්.

දැන් කාට හරි කියන්න පුළුවන් පෝට් සිටි එක කියන්නේ චීන – රාජපක්ෂ ප්‍රොජෙක්ට් එකක් නම් පෝට් සිටි විරෝධය කියන්නේ ඇමරිකා – ඉන්දියා – විජේදාස ප්‍රොජෙක්ට් එකක් කියලා. එහෙම බ්‍රැන්ඩි කරන්න පුළුවන්.ඒක නිසා සටන් පාඨයක් උස්සන කොට ඒකේ ඇත්ත දේශපාලනයත් ඒක්ක උස්සන්න ඕනි.මොකද අපිටත් ඔය හැම සටන් පාඨයක් ඇතුළේ තියන දේශපාලන හරියට කියවා ගන්න පුළුවන්.ඒක නිසා මම විජේදාස රාජපක්ෂ මහත්තයට යෝජනා කරනවා සටන් කරනවා නම් හරියට කරමු.සටනේ සමස්ථයම අල්ලගෙනම කරමු. පෞද්ගලික දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් එක එක තැන්වලින් අල්ලගෙන කෑගහන්නේ නැතිව.විජේදාස මහත්තයට පෞද්ගලිකව අයිතියක් තියනවා එතුමාගේ මතය කියන්න. එතුමාටත් දේශපාලන හීන ඇති.සමහරවිට 2024 ජනාධිපති සටනේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා වෙන හීනයක එතුමා ඉන්නවා වෙන්නත් පුළුවන්.ඒ සියල්ලටමත් සුභ පතනවා.

ඊළගට මට හිතෙන්නේ පෝට් සිටි මාධ්‍ය සාකච්ඡාව හරහා තවත් ලොකු දේශපාලන අවුලක් විජේදාස මහත්තයා කර ගත්තා.ඒක අර සිහිනය තියනවා නම් මේ මොහොතේ ඒකට අවාසියක්.සටනකදී අන්තිමට ගහන්න ඕනි තුරුම්පු මුලින්ම ගැහුවොත් ඒක බරපතල අවාසියක්.ගොඩක් අය තරුම්පු හංගගෙන ඉන්නේ අන්තිමට ගහන්න.මතකනේ මෛත්‍රී කියන තුරැම්පුව දාලා ගහපු හැටි.ඒක අන්තිම මොහොත දක්වාම හංගගෙන හිටියේ.ඒ මාධ්‍ය සාකච්ඡාවේදී විජේදාස රාජපක්ෂලාට සීමාව ඉක්මවලා ගැහුවා.ආයෙත් හැරෙන්න ඉඩක් තියාගත්තෙම නෑ.මට හිතෙන්නේ ඒක වැඩී කියලා.දැන් කට්ටිය කියයි මම රාජපක්ෂලාට බෆර් කරනවා කියලා.නෑ ඒකෙන් එක දෙයක් උනා විජේදාස මුළු පොහොට්ටු කදවුරම නැති වුණා.ඒක උනාට කමක් නෑ විජේදාසව විශ්වාස කරලා බාරගන්න වෙන කවුරු හරි එළියේ ඉන්නවා නම්.ඒ වෙනුවෙන් කවුරුත් ඉදිරිපත් වෙයි කියලා මම හිතන්නේ නෑ.මොකද දේශපාලන අර්ථයෙන් බලනකොට විජේදාසගේ පෙර වැරදි ගොඩයි.මේ සියල්ලට අනුව හිතුවම මගේ නං අවසාන විග්‍රහය විජේදාස ඉක්මන් උනා වැඩී කියලා.

ප්‍රියන්ජිත් විතාරණ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස