නාස්තිකාර පුතා ගේ දොර විකුණනවා වගේ රාජපක්ෂ පවුල රටේ දේපළ විකුණනවා…! – ජවිපෙ….

February 3, 2021 at 10:58 am | by emanisa.lk

නාස්තිකාර පුතා ගේ දොර සියල්ල විකුණනවා මෙන් රාජපක්ෂ පවුල රාජ්‍ය දේපළ විකුණන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

‘‘Sorry දිනුවේ කවුද?’’ සම්මන්ත්‍රණයට එක්වෙමින් මහව නගර ශාලාවේදී පැවැති ජනහමුවේදී මන්ත්‍රීවරයා එසේ කීය.

‘‘සිංගප්පූරුව කොළඹ දිස්ත්‍රික්කයට වඩා ටිකක් ලොකුයි. ඒ රට, ආර්ථිකය උඩින් තියාගෙන අභිමානයෙන් ඉන්නවා. අපේ ඒකපුද්ගල ආදායම ඩොලර් 4000යි. සිංගප්පූරුවේ ඒක 40,000ත් පැනලා. අපට වඩා දස ගුණයකටත් වඩා ඒ රටේ ආර්ථිකය ශක්තිමත්. ඒ නිසා ඒ රටට ඇවිත් අරක දියන්, මේක දියන් කියලා වෙනත් රටවල් බලපෑම් ඇති කරන්නේ නෑ. රටක අභිමානය රැඳී පවතින්නේ ඒ රට මොනතරම් ශක්තිමත්ද කියන කරුණ මතයි. මේ සියලු ප්‍රශ්නවලට හේතුව දශක ගණනක් අපේ රට පාලනය කරපු පාලකයො අපේ රට සම්පූර්ණයෙන්ම කඩා වට්ටලා තිබීමයි.

කොළඹ වරාය නැගෙනහිර ජැටිය ලෝකෙ 24 වන තැනටයි තියෙන්නෙ. රටවල් විදිහට පෙළගැස්සුවොත් 13 වන ලොකුම වරාය අපට තියෙන්නෙ. පිහිටීම අතිශය වැදගත් තැනක තියෙන නිසා තමයි අපේ වරායට මේ තරම් තැනක් ලැබුණෙ. අපේ වරාය ප්‍රති නැව්ගත කිරීම් මධ්‍යස්ථානයක්. විශාල වරායවල් අතර තිස්තුන් වැනි ස්ථානයයි.

විකිණීම තුළත් ඩොලර් කෝටි ගණන් එහාට මෙහාට වෙනවා. ඒවා අත්සන් කරන කොටම අත යට මුදල් එනවා. ගිවිසුම් ගහන කොටත් කැන්සල් කරනකොටත් කොමිස් කුට්ටි වරායට ඇමැතිට, ආණ්ඩුවේ ප්‍රධානීන්ට, නිලධාරීන්ට ලැබෙනවා. ඉතින් දිනුවේ කවුද? මේ රටේ ජාතික සම්පත් රැකගන්න උත්සාහ කරන ඡන්දදායකයො දිනුවේ නෑ’’

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස