පරංගින්ට දුන්නේ ගෙරිහං කඩක ඉඩක් විතරයි..! ආණ්ඩුව අක්කර 1200ක වරාය නගරේ චීනෙට දෙනවා….!

April 18, 2021 at 8:58 am | by emanisa.lk

අක්කර 1200ක වරාය නගරය ආණ්ඩුවට චීනයට ලියා දීමට කටයුතු කරමින් සිටින බව ජවිපෙ සමන්ත විද්‍යාරත්න පවසයි.

එහෙත් පෘතුගීසි ඉල්ලා සිටියේ හරක් හමක් වැනි කුඩා බිම් කඩක් බවත් අනතුරුව 1815 රටම යටත් කරගත් බවත් ඔහු සඳහන් කරයි.

ජනාධිපතිවරයා ගෙරහම් කඩක බිමක් නොව අක්කර 1200ක මර්මස්ථානයක පිහිටි බිමක් බව ද ජවිපෙ හිටපු මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

උතුරේ කොටි පරාජය කර තමන් නිදහස් කරගත්තේ යැයි සඳහන් කරන රට දැන් ඉන්දියාව, ඇමරිකාව, චීනයට විකුණමින් ඇතැයි ඔහු චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *