කිසිදු බියක් ඇතිකරගත යුතු නෑ….! වරාය නගරය රටේ නීතියට යටත්….! පාලන බලය ජනාධිපති අතේ…! – රාජ්‍ය මුදල් ඇමැති.

April 16, 2021 at 11:50 pm | by emanisa.lk

කොළඹ වරාය නගර පනත් කෙටුම්පත මුළුමනින්ම රටේ නීතියට අනුගත මෙරටට විදේශ විනිමය ගෙන ඒමේ හැරවුම් ලක්ෂයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැහැදිලි කිරීම වෙනුවෙන් අද (16) පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

පනත් කෙටුම්පතට අදාළ සියලු කටයුතු සිදුවන්නේ මෙරට නීතියට අනුව මිස වෙනත් රටක නීතියකට අනුව නොවන බව ද ඔහු සඳහන් කළේය.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සභාපතිවරයෙකු ඇතුළු සාමාජිකයන් 5 -7ත් අතර සංඛ්‍යාවකින් සමන්විත වේ. එම කොමිසන් සභාවට සියලුම සාමාජිකයින් පත්කරන්නේ ජනාධිපතිවරයා බැවින් වෙනත් රටකට එම නගරය පාලනය කළ නොහැකි ය.

එම කොමිෂන් සභාවට කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය තුළ ව්‍යාපාරික කටයුතු සඳහා සියලු අනුමැතීන් ලබාදීම, නියාමනය කිරීම ඇතුළු කාර්යයන් පැවරෙයි. මෙමගින් රැකියා 83 000ක් නිර්මාණය වන බවත් එහි යාමට ලාංකිකයින්ට කිසිදු ගැටලුවක් නොමැති බවත් කබ්රාල් අවධාරණය කරයි.

කොමිසම අය කරන සියලු බදු රජයේ ඒකාබද්ධ අරමුදලට බැර වන බ‍ව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස