කොළඹ වරාය නගරය චීන ප්‍රාන්තයක් බවට විජේදාස කියන කතා බොරු….! වරාය නගරය කොළඹ දිස්ත්‍රික්කයට එකතු කළ නිල ලියවිල්ල මෙන්න….!

April 16, 2021 at 2:30 pm | by emanisa.lk

කොළඹ වරාය නගරය ශ්‍රී ලංකාවට අයත් නොවන බවට විජේදාස රාජපක්ෂ, අනුර දිසානායක ආදීන් සිදුකරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බව අනාවරණය වෙයි.

අලුතින් ඉදි කළ වරාය නගරය කොළඹ නගර සභාවට අයත් නොවන බවත් එය චයිනා හාබර් ආයතනයට අයත් භූමියක් බවත් එම පාර්ශ්ව මගින් චෝදනා කරන ලදි.

ඒ අනුව කොළඹ වරාය නගරය ශ්‍රී ලංකාවට අයත් නොවන වෙනම පරිපලන නගරයක් බවත් එමගින් ලංකාවේ භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීත්වය උල්ලංඝනය වන බවත් එම කණ්ඩායම් විසින් ප්‍රකාශ කර තිබේ.

කෙසේ වුවද කොළඹ වරාය නගරය 2019 ජුලි 23 පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින් කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට එකතු කර තිබේ. ඒ 1955 අංක 22 දරන පරිපාලන දිස්ත්‍රික් පනතෙහි 3 වන වගන්තිය අනුව ය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *