වැලිසර කඳවුර ඇමරිකාව වගේ! රෝගය තව පැතිරෙන්න පුළුවන්! – වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ

May 24, 2020 at 9:09 am | by emanisa.lk

වැලිසර කඳවුර විශාල හමුදා ජනපදයක් නිසාවෙන් ඒ තුළ තව දුරටත් කොරෝනා රෝග ව්‍යාප්තිය සිදුවිය හැකි බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

වැලිසර නාවික හමුදා කඳවුර තුළ රෝග ව්‍යාපෘතිය සිදුවන්නේ යුරෝපයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රජාව අතර වෛරසය පැතිර ගිය ආකරයට බවත් ඊට හේතුව අප්‍රේල් 21 වැනිදා පළමු රෝගියා හමුවන අවස්ථාව වන විට කඳවුර තුළ වෛරසය පැතිර ගොස් තිබීම බවත් වෛද්‍ය සුදත් සමරවීර පෙන්වා දෙයි.

වැලිසර කඳවුර තුළ රෝගය කාගෙන් කාහට පැතිර යන්නේදැයි යන්න හඳුනාගත නොහැකි වන අතර වෙන්කර තැබීම් සිදුවන්නේ නීරෝගී පිරිස් ආරක්ෂා කරගැනීමට වෙනුවෙන් බවද වෛද්‍යවරයා පැවසීය.

එසේ නමුත් ප්‍රජාව තුළ වෛරසය පැතිර ගොස් ඇති නිසා වෛරසය පාලනය ටිකෙන් ටික සිදුවන බවද වෛද්‍ය සමරවීර තවදුරටත් පැහැදිලි කළේය.

deshaya

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස