ලංකාවේ කොරෝනා මර්දන වැඩපිළිවෙළ සාර්ථකයි! පසුගිය දින 16ටම බාහිර සමාජයෙන් රෝගීන් නෑ!

May 16, 2020 at 11:46 pm | by emanisa.lk

පසුගිය දින 16 පුරා වැලිසර නාවික හමුදා පොකුරින් සහ නිරෝධායන මධ්‍යස්ථානවලින් මිස බාහිර සමාජයෙන් කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා වී නොමැත.

එම කාලය පුරා විවිධ සමාජ කණ්ඩායම්වලින් නියැදි ලබා ගනිමින් අහඹු පරීක්ෂණ දහස් ගණනක් කළ ද කිසිදු ආසාදිතයකු හමු නොවූ අතර වෛරසය සමාජගත වී පැතිර යාමේ අවදානම මේ අවස්ථාවේ ඉතාම අවම බව විශේෂඥයන්ගේ අදහසය.

කෙසේ වුවද කිසියම් පුද්ගලයකු වෛරසය ආසාදනය වී සමාජයේ නිදහසේ සිටීමේ අවදානම දැනටත් පවතින නිසා ඕනෑම මොහොතක මේ තත්ත්වය වෙනස් විය හැකි බවට ද ඔවුහු අනතුරු අඟවති.

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසන්නේ මෙය රටේ කොරෝනා මර්දන වැඩපිළිවෙළ ගමන් කරන දිශානතිය පිළිබඳ සංඥාවක් ලබා දුන්න ද සමාජයෙන් 100%ක් කොරෝනා තුරන් කර ඇතැයි නොසිතිය යුතු බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස