වසර 30ක යුද්ධය අවසන් කර අපට නිදහස දිනාදුන් මහින්ද මහත්තයාට රටම කැමතියි! – ලසිත් මාලිංග

September 10, 2019 at 8:36 am | by emanisa.lk

එල් ටී ටී ඊ ත්‍රස්තවාදය නිමා කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට තමන් පමණක් නොව මෙරට සියලු ජනතාවගේ ප්‍රසාදය හිමිවන බව සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.

ක්‍රිකට් ආයතන පරිශ්‍රයේදී මාධ්‍යවේදීකන් නැගූ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සදහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති වියත්මග සමුළුවට සුපිරි ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සහභාගිවීම සම්බන්ධයෙන්ද මෙහිදී මාධ්‍යවේදීන් ලසිත් මාලිංගගෙන් විමසුවේය.

“මහින්ද මහත්තයා මට කරපු උදව්ව, මගේ කකුල කැඩුණු වෙලාවේ මට කරපු උදව්ව ගැනයි මම කතා කලේ. මගේ කකුල හොඳ වුණ එක ගැනයි කතා කළේ. මාධ්‍ය ඒක වැරදි විදීහට අර්ථ දැක්වුවාට මට කරන්න දෙයක් නැහැ.

වසර තිහක් පුරා රටේ පැවති යුද්ධය අවසන් කරලා ඔබලාට වගේම මටත් මේ රටේ නිදහසේ ඇවිදින්න අවස්ථාව උදාකර දුන්නේ එතුමා. ඉතින් මම විතරක් නෙමෙයි මුළු රටම මහින්ද මහත්තයාට කැමතියි.

මම දේශපාලනය ගැන දන්නේ නැහැ. මම දන්නේ ක්‍රිකට් ගැන විතරයි. මුරලිදරන් වියත්මග වැඩසටහනට ගියේ එයාගේ පුද්ගලික අදහසකින්. ජනප්‍රියත්වය කියන්නේ රටක් පාලනය කරන්න පුළුවන් කියන දෙයක් නෙමෙයි. මම පාලනය කියන්නේ මොකක්ද ජනප්‍රියත්වය මොකක්ද කියලා හොදින් හඳුනාගෙන ඉන්නේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස