පාස්කු බෝම්බ සභාවට ඇඳුම් චක්‍රලේඛය ගැන කතා කරන්න අයිතියක් නෑ! මහින්ද

June 15, 2019 at 1:57 pm | by emanisa.lk

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පසුගිය 13 දින රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් අනුමත කළ නොහැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එසේම තිස් වසරක යුද්ධය නිමාකර වසර 10ක් ගතවීමට පෙර යලි රට තුළ  ත්‍රස්ත බියක් ඇති වීම අවාසනාවන්ත තත්ත්වයක් බව විපක්ෂ නායකවරයා පවසයි.

කලවාන, පොතුපිටිය මිහිඳුකලා විහාරස්ථානයේ බුද්ධ මන්දිරය සහිත චෛත්‍ය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.

අනතුරුව විපක්ෂ නායකවරයා මාධ්‍යවෙිදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නේය.

“මං හිතන්නේ නෑ මේ අයට බලයක් තියෙනවා කියලා එහෙම ප්‍රශ්න කරන්න. තේරීම් කාරක සභාව පත් කරපු කාරණයක් තියෙනවා.

21 වනදා ප්‍රහාරය පිළිබඳවයි කතා කරන්න තියෙන්නේ. ඇඳුම් ගැන කතා කරන්නේ. ප්‍රහාරයෙන් පස්සෙනේ චක්‍රලේකනය ආවේ. ඒ ගැන ප්‍රශ්න කරන්න බෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස