විදුලි බලය ඉල්ලා දේව පූජා කරන ඉංජිනේරුවෝ ගැන ලැජ්ජායි! – වෙනිසියුලාව අඳුරේ ගිලෙද්දි ට්‍රාන්ස්පෝමර ගිනි තැබූ ජවිපෙන් 70 වසරක ධනපති පාලනයට චෝදනා….(video)

March 31, 2019 at 9:42 am | by admin

ලෝකයේ වෙන රටවල් වෙනත් ග්‍රහලෝකවල වගා කළ හැකි දැයි බලන යුගයක විදුලිය කපන්න වූ විට අපේ රටේ ඉංජිනේරු මහත්වරුන් වැස්ස වළාහක දෙවියන්ට පූජා තබන්නේ යැයි ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. මේ ඉංජිනේරුකම කුමටදැයි ජනතාවගෙන් ප්‍රශ්න කළ ජවිපෙ ලේකම්වරයා දෙවියන්ට පවසා මෙය බේරාගත හැකි නම් රටට ආණ්ඩුවක් උවමනා නැතැයි ද පැවසීය.

සති දෙකක් වැසි නැති වූ විට රටේ ජනතාවගේ මූලික අවශ්‍යතාවක් වූ විදුලිය බලය පැය පුරා ලබා දිය නොහැකි නම් එම රටේ ආණ්ඩුවකින් ඇති ඵලය කුමක් දැයි හෙතෙම ප්‍රශ්න කරයි. 70 වසරක් තිස්සේ රට සංවර්ධනය කළේ යැයි පම්පෝරි ගැහීමෙන් පලක් නැතැයි ද පැවසීය.
කෝටි ගණන් ණය වී නොරෙච්චෝලේ කෙරවළපිටිය බලාගාර නිර්මාණය කළේ කුමටදැයි ලේකම්වරයා විමසයි. 78 බලයට පත් ජේ.ආර්. ජයවර්ධන කඩිනම් මහවැලිය යටතේ විදුලිය බලාගාර 6ක් තනා රටේ විදුලි බල අවශ්‍යතාව සම්පූර්ණ කර අතිරික්තය ඉන්දියාවට අපනයනය කිරීමට ද සිහින දුටු බව ඔහු සිහිපත් කළේය.

කෙසේ වුවද මහින්ද රාජපක්ෂ නොරෙච්චෝලේ බලාගාරය ඉදි නොකළේ නම් මේ වන විට දවස පුරා විදුලිය නොමැතිව සිටීමට සිදුවිය හැකිව තිබිණි. රජයේ විගණකාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේ නොරෙච්චෝලේ බලාගාරය සඳහා වියදම් කළ මුදල මෙන් දහ ගුණයකට වඩා මේ වන විට ලාභ ලබා ඇති බවය.

එසේම ජවිපෙ 88-89 භීෂණ සමයේ නිවෙස්වල විදුලි පහන් දැල්වීම තහනම් කළ අතර රට පුරා විදුලි ට්‍රාන්ස්පෝමර් පුපුරුවා හැරීමට කටයුතු කළේය. ජනතා විමුක්ති පෙරමුණ අගය කරන පාලන මොඩලයක් පවතින ස්වභාවික ගෑස් සහ ඛනිජ තෙල් බහුල වෙනිසියුලාවේ ද පසුගිය කාලයේ දින පහක් තිස්සේ විදුලිය නොමැති වූ අතර මේ වන විට දිනකට දෙවරක් විදුලිය විසන්ධි කරයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස