ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසයේ අඩුම සුදුසුකම් සහිත නායකයා පත් කරයි! තරග 17යි! අවසන් තරගය 2015! මුළු ලකුණු 190යි! කවදාවත් හයක් ගහලා නෑ!

April 18, 2019 at 7:23 am | by admin

දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් කර තිබේ. ඒ කණ්ඩායමේ නායකත්වය පිළිබඳ මෙතෙක් පැවති ගැටලුව නිමාවට පත් කරමිනි. එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වනු ඇත.

කෙසේ වුවද දිමුත් කරුණාරත්න කණ්ඩායමේ නායකත්වයට පත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විවේචනාත්මක අදහස් පළවෙයි. ඔහු ක්‍රීඩා කර ඇත්තේ එක්දින තරඟ 17කට පමණි. අවසාන එක්දින තරඟයට සහභාගී වී ඇත්තේ වසර 4කට පෙර එනම් 2015 මාර්තු 06 වෙනි දින එංගලන්තයට එරෙහිවය. ඉනිම් 13කදී ඔහු ලබා ගෙන ඇති ලකුණු ප්‍රමාණය 190කි.

දිමුත් කරුණාරත්න එක්දින තරඟයක ලැබූ වැඩිම ලකුණු ප්‍රමාණය 60ක් වන අතර ඒ ඔහු ලබා ගෙන ඇති වැඩිම ලකුණු ගණන මෙන්ම එකම අර්ධ ශතකයද වෙයි. ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 15.8ක් වන අතර කිසිදු හයේ පහරක් එල්ල කර නොමැති දිමුත් එල්ල කර ඇති හතරේ පහර ගණන 14කි. දිමුත් කරුණාරත්න ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක් මෙහෙය වන අඩුම සුදුසුකම් සහිත නායකයා ලෙස ලෝක වාර්තාවක් පිහිටු වනු ඇත.

කෙසේ වුවද දිමුත් කරුණාරත්න පසුගිය වසරේ ලෝක ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල 7 වෙනි ස්ථානයට පත්විය. ඒ ශතකයක් හා අර්ධ ශතක තුනක් සමගින් (158*,60,53 හා 85) ලකුණු 356ක් ටෙස්ට් තරග දෙකේදි රැස්කර ගැනීමට සමත්වීම නිසාය. දිමුත් කරුණාරත්න එක්දින කණ්ඩායමේ නායකත්වයට පත් කළේ කණ්ඩායමේ සමගිය ආරක්ෂා කිරීමට බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස