ලංකා හමුදාව කියන්නේ නාට්ටාමිලා ටීම් එකක්! බුද්ධි අංශ කියන්නේ කොන්ත්‍රාත් මිනිමරුවෝ! – ශානි අබේසේකර

January 8, 2020 at 5:21 pm | by emanisa.lk

යුද්ධයක් පවතින අවස්ථාවක ඉහළින් නියෝග ලැබුණොත් හමුදාවක් මැරුණත් ඉදිරියට යා යුතු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර පවසයි.

ඔහු මේ බව පවසන්නේ මාධ්‍ය වෙත නිකුත් වී ඇති රංජන් රාමනායක සමග සිදුකළ දුරකතන සංවාදයේදීය.

ඕනෑම තත්ත්වයකට ඔරොත්තු දීමට පුහුණු කර ඇති හමුදාවක එකෙකු අත්අඩංගුවට ගෙන බන්ධනාගාරයට දැමූ විට එම හමුදාව අධෛර්යයට පත්වන්නේ නම් උන් හමුදාවක් නොව නාට්ටමිලා ටිකක් යැයි ද ශානි පෙන්වා දෙයි.

මිනී මැරීම ලෝකයේ ඇති බරපතළම වරද බවත් එම බුද්ධි අංශ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින්නේ මිනී මරන්න කොන්ත්‍රාත්තුව දුන් අය බවත් ඔහු වැඩි දුරටත් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස