කොකේන් මත්පෙති සමග ටෙලි නිළි ශානිකා මධුවන්ති ඇතුළු තරුණ තරුණියන් පිරිසක් අත්අඩංගුවට!

March 4, 2019 at 7:48 pm | by admin

ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය ඔස්සේ දැනහඳුනා ගෙන සංවිධානය කළ සාදයකට සහභාගී වී කොකේන් හා හඳුනා නොගත් මත්පෙති පානය කරමින් සිටි රංගන ශිල්පිනියක ඇතුළු තවත් 17 දෙනෙකු ලබන 8 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මාතර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ උපාලි රණසිංහ මහතා නියෝග කළේය.

එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ වත්තල පදිංචි රංගන ශිල්පිනියක වු ශානිකා මධුවන්ති ඇතුළු තරුණ තරුණියන් 17 දෙනෙකි.

මාතර මිරිස්සේ හෝටලයක පැවති රාත්‍රි සාදයකට සහභාගී වී තිබෙන බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

එම සැකකරුවන් සන්තකයේ තිබී කොකේන් ග්‍රෑම් 1 යි මිලිග්‍රෑම් 550 ක් හා මිලි ග්‍රෑම් 250 ක්‍ අඩංගු හඳුනා නොගත් මත් පෙත්තක් පොලීසිය සොයා ගැණිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස