යහපාලන ආණ්ඩුව නීතිය නැමූ හැටි මෙන්න! තාජුඩීන්ගේ පොලිස් ලිපි ගොනුව රංජන්ගේ නිවසින් මතුවෙයි!

January 5, 2020 at 8:30 am | by emanisa.lk

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් 2012 වසරේ රිය අනතුරකින් මිය යාම පිළිබඳ එවක පොලිසිය විසින් සැකසූ සම්පූර්ණ වාර්තා ඊයේ (04) මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ රංජන් රාමනායකගේ නිවසින් හමු වී තිබේ.

ඒ ඊයේ මන්ත්‍රීවරයාගේ නිවස පොලිසිය විසින් සෝදිසි කළ අවස්ථාවේය.

ඒ වන විට නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කළ සුමිත් පෙරේරා විසින් අදාළ අනතුර පිළිබඳ සියලු තොරතුරු ඇතුළත් කර සැකසූ සත්‍ය පොලිස් වාර්තාව මේ ආකාරයට මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී හමු වී ඇත.

සුමිත් පෙරේරා පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ අදාළ නිවැරදි වාර්තා වෙනස් කර මෙම ඝාතනයට ගෝඨාභය සම්බන්ධ බවට ප්‍රකාශයක් ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් තමන්ට දැඩිලෙස බලපෑම් කළ බවත් එසේ නොකළ විට වර්ෂයකට අධික කාලයක් සිරගත කර තැබූ බවත්ය.

රංජන් රාමනායක ද ඔහුගේ පවුලේ අයට බලපෑම් කරමින් මෙම සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ පැටලවීමට විශාල උත්සාහයක් ගත්බව ඔහු එහිදී අනාවරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *