බද්යුදීන්ට එරෙහි විශ්වාසභංගයට අත්සන් 66යි! උදෑසනම කතානායකට භාරදෙයි!

May 16, 2019 at 11:02 am | by admin

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (16) පෙරවරුවේ කථානායකවරයාට භාර දුන් බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කළ අතර ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 66 දෙනෙකු අත්සන් තබා ඇති බවට වාර්තා වෙයි.

මේ සඳහා අතුරලියේ රතන හිමි ඇතුළු එජාප පිරිසක් ද සහාය ලබා දෙන වාර්තා වන අතර ඒකාබද්ධ විපක්ෂයේ එස්.එම්. චන්ද්‍රසේන ප්‍රකාශ කළේ කිසිවකුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන්නේ නම් එය සැලසුම් සහගතව ජයග්‍රහණය කළ හැකි නම් පමණක් ඉදිරියට යා යුතු බවය. පසුගිය සමයේ ඉදිරිපත් කළ විශ්වාසභංග නිසා සිදු වූයේ අදාළ චූදිතයා නිවැරදි යැයි සමාජ මතයක් නිර්මාණය වීම පමණක් බව ඔහු පෙන්වා දෙයි.

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසන්නේ මෙම විශ්වාසභංගය දිනුව ද පැරදුණ ද රට දිනුම් බවය. එහිදී බදූර්දීන්ගේ හොරකම් සහ ත්‍රස්තවාදයට අනුබල දීම අනුමත කරන පිරිස හෙළිදරව් වීම නොවැළැක්විය හැකි බව ඔහුගේ අදහසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස