රාමසාන් සමරන්න කොරෝනා නීති ලිහිල් කරන්න! – විදෙස් ඉස්ලාම් පූජකවරුන්ගෙන් ඉල්ලීම්..

April 24, 2020 at 2:12 pm | by emanisa.lk

කොරෝනා ව්‍යසනය පාලනය කිරීම සඳහා රටවල් වසා තබමින් පනවා තිබෙන සීමා රාමසාන් සමය වෙනුවෙන් ලිහිල් කරන්නැයි ඉස්ලාම් රටවල් කිහිපයක පූජකවරු ඉල්ලා සිටිති.

ඉස්ලාම් පූජකවරුන් මෙම ඉල්ලීම කරන්නේ ලොව පුරා කිතුනුවන් ඉකුත් පාස්කු සතිය, පනවා තිබූ සීමා යටතේම වෛද්‍ය උපදෙස් උල්ලංඝණය නොකර සමරන ලද පසුබිමකදී වීම විශේෂත්වයකි.

පාකිස්ථානයේ රාමසාන් උපවාස ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ හෙට (25) සිටය. එසේ තිබියදීත් රට වසා තබමින් පනවා තිබෙන සීමා වහාම ලිහිල් කරන්නැයි එරට ඉස්ලාම් පූජකවරු රජයට බල කරති. පනවා තිබෙන සීමා රාමසාන් සමය වෙනුවෙන් ලිහිල් කිරීමට ඊජිප්තුව දැනටමත් තීරණය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඒ අනුව රාති‍්‍ර ඇඳිරි නිති කාලය කෙටි කිරීමටත් ඇතැම් ව්‍යාපාර ආරම්භ කිරීමටත් ඊජිප්තු රජය අවසර දී තිබේ. ඉන්දුනිසියාවේ අචේ ප‍්‍රාන්තයද සීමා ලිහිල් කරමින් සමූහ යාඥා සඳහා අවසර ලබා දී තිබෙන බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.

කෙසේ වෙතත් අචේ ප‍්‍රාන්තය මෙම පියවර ගෙන ඇත්තේ ඉන්දුනීසියාවේ මධ්‍යම රජය ලාබා දී ඇති මාර්ගෝපදේශද උල්ලංගණය කරමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස