රාජිතගේ සියලු රඟපෑම් අවසානයි! රෝහලේදීම CID අත්අඩංගුවට!

December 27, 2019 at 10:41 am | by emanisa.lk

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබන අතරතුරම අපරාධ පරීක්ෂණ නිලධාරීන්ගේ භාරයට ගෙන තිබේ.

පසුගිය 24 වෙනිදා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළ පසු දින දෙකක් තිස්සේ සඟව සිට ඊයේ (26) නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලට ඇතුළත් වීමට රාජිත සේනාරත්න කටයුතු කළේය.

හදිසි ප්‍රතිකාර ඒකකයෙන් හෘද ප්‍රතිකාර ඒකකයට මාරු කළ මන්ත්‍රීවරයාගෙන් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කටඋත්තරයක් ද සටහන් කර ගත්තේය. එසේම ඔහුට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරයාගෙන් ද කටඋත්තරයක් ලබා ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස