ඇමති හැරිසන්ගේ ලේකම් යටතේ මට තවත් වැඩ කරන්න බෑ! කැබිනට් නොවන ඇමතිකමක් නොදුන්නොත් ඉල්ලා අස්වෙනවා! – රාජ්‍ය ඇමති දිලිප්

April 3, 2019 at 12:05 pm | by admin

ධීවර අමාත්‍යංශයේ ආයතන පහක් සමඟ කැබිනට් නොවන අමාත්‍යාංශයක් ලබාදෙන මෙන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා තිබෙන බවත් එම තනතුර නොලැබුණොත් තමා ඉල්ලා අස්වන බවත් ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදාරච්චි පැවසිය.

ධීවර රාජ ඇමතිවරයා අද (02) හලාවත කන්ජුක්කුලිය විදුහලේ තාක්ෂණික විද්‍යාගාරය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගීවෙමින් මෙසේ පැවසීය.

“මට අමාත්‍යංශයේ නිදහස නැහැ. කැබිනට් අමාත්‍යවරයෙක් පත් කර තියෙනවා. හැරිසන් මහතා අමාත්‍යවරයාගේ ලේකම්තුමා යටතේ තමයි අද මට වැඩ කරන්න වෙලා තියෙන්නේ. මම අගමැතිතුමාගෙන් ඉල්ලලා තියෙනවා මට ධීවර අමාත්‍යාංශයේ ආයතන පහක් එක්ක කැබිනට් නොවන අමාත්‍යංශ ලබා දෙන්න කියලා. අවුරුදු හතරක් තිස්සෙ ධීවර අමාත්‍යාංශයේ අමාත්‍යවරු හතරක් හිටියා. ලේකම්වරු හතරක් හිටියා. මේ අට දෙනාම දෙනා ම ධීවරයන්ගේ ප්‍රශ්න ගැන බැලුවේ නෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස