කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ පිහිටි නව ගොඩනැගිල්ල වෙත රැගෙන යාමේදී එම ගොඩනැගිල්ල සඳහා රජයේ තක්සේරුකරු කළ තක්සේරුවට වඩා වැඩි මුදලකට අදාළ ගොඩනැගිල්ල මිලදී ගත්තේ යැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් හිමාලි හඳුන්හේවා මහත්මිය ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්කි දෙමින් පැවසුවාය.
ඇය මේ බව සඳහන් කරනු ලැබුවේ කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රුපියල් මිලියන 21 කට නව ගොඩනැගිල්ලක් කුලියට ගැනීමේදී සිදුව ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම වෙත ලැබූ පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදී ය.
විශාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පස් පුද්ගල කොමිෂන් සභාව හමුවේ වැඩිදුරටත් සාක්කි ලබා දුන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහාකර ලේකම්වරිය කියා සිටියේ අදාළ අමාත්‍යාංශ නව ගොඩනැගිල්ලට රජයේ තක්සේරුකරු රුපියල් මිලියන 13.5ක් තක්සේරු කළත් ඊට වැඩි මුදලකට එනම් රුපියල් මිලියන 21ට මෙම ගොඩනැගිල්ල කුලියට ගත් බවය.