රතන හාමුදුරුවෝ හිටියේ හකීම්ලා බදියුදීන්ලා සම්බන්ධන්ලා එක්ක! සිංහල බෞද්ධයන් වෙනුවෙන් පාර්ලිමේන්තු යන්න ඕන ඥානසාර හාමුදුරුවෝ! – සුදත්ත හිමි

August 15, 2020 at 8:50 pm | by emanisa.lk

අපේ ජනබල පක්ෂයට ලැබුණු මන්ත්‍රී ධුරය සඳහා පාර්ලිමේන්තුවට යා යුත්තේ ගලගොඩඅත්තේ ඥානසාර හිමි බවත් වෙනත් කිසිදු පුද්ගලයෙකු ඒ සඳහා සුදුසු නොවන බවත් මාගල්කන්දේ සුදත්ත හිමි පවසයි.

ඒ නිසා අතුරලියේ රතන හිමි ද නම්‍යශීලී වී ඥානසර හිමි ඒ අවස්ථාව ලබාදිය යුතු බවත් සුදත්ත හිමි අවධාරණය කරයි.

‘රතන හාමුදුරුවො අවුරුදු 15 ක් තිස්සෙ පාර්ලිමේන්තුවෙ හිටියා. උන්වහන්සෙ මොනවද සිංහල බෞද්ධයන් වෙනුවෙන් කරලා තියෙන්නෙ? පසුගිය අවුරුදු හතර හමාරෙදි රතන හාමුදුරුවො එකට වාඩිවෙලා හිටියෙ රිෂාඩ් බදියිදීන්ලා, රවූෆ් හකීම්ලා, ආර්. සම්බන්ධන්ලා එක්ක. එතකොට රතන හාමුදුරුවො ඔය ෂරියා විශ්වවිද්‍යාල, විල්පත්තු විනාශය දැක්‍කෙ නැද්ද?’

‘රතන හාමුදුරුවන්ට වඩා සිංහල බෞද්ධයන් ගැන, සිංහල බෞද්ධයන්ට එල්ල වෙලා තියන තර්ජන ගැන, මුස්ලිම් අන්තවාදය ගැන අවබෝධයක් තිබෙන්නෙ ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ට. ඒ නිසා රතන හාමුදුරුවො මේ වෙලාවෙ කරන්න ඕනෙ ඥානසාර හාමුදුරුවන්ට ආශීර්වාද කරන එක. උන්වහන්සෙට පාර්ලිමේන්තුවට යන්න උදව් කරන එක.’

‘රතන හාමුදුරුවන්ට අපි කියනවා, ඔබවහන්සේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරලා තියනවා. ඒ නිසා ඔබවහන්සේ දැන් කළයුත්තේ විහාරස්ථානයට වෙලා වසවිස නැති ගොවිතැනක් කරගෙන ඉන්න එක. එහෙම නැතුව ආයෙ පාර්ලිමේන්තු වඩින එක නෙවෙයි ඒක ඥානසාර හාමුදුරුව‍ො බලාගනීවි කියලා අපි උන්වහන්සේට කියන්න කැමතියි.’

මාගල්කන්දේ සුදත්ත හිමි මේ බව සඳහන් කළේ අපේ ජන බල පක්ෂ‍යට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබඳව මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස